මුලින්ම මම වහරක ලොකු හාමුදුරුවො ගැන දැන ගත්තෙ මගේ මිත්‍රයෙක්ගෙ ගෙදරක තිබුණ ධර්ම සාකච්ඡාවකට සහභාගි වීමෙන්. එදා එතැන සාකච්ඡාවට මූලික වුණ රාජ් විජේවික්‍රම මහත්තය මට හම්බ වුණේ එදාමයි. එතුමා එදා සාකච්ඡා කළේ බුදු දහමේ එන ඉතාමත් වැදගත්ම කාරණාවක් වන ත්‍රිලක්ෂණය ගැන.
එදා මට තේරුණා, ඒ සාකච්ඡාවේ විග්‍රහ වුණ ත්‍රිලක්ෂණය පිළිබඳ කරුණු, මම මෙතෙක් කල් ඒ ගැන විවිධ ධර්ම දේශනාවලින් අහල දැන ගෙන තිබුණ කරුණුවලට වඩා ඉතාමත් ගැළපෙනව කියල. ඉතිං රාජ් මහත්තය ත්‍රිලක්ෂණය පිළිබඳව කරපු සාර්ථක විග්‍රහය වහරක ලොකු හාමුදුරුවන්ගෙ විග්‍රහයක්. උන්වහන්සේ බුදු දහමේ සැඟවුණු අරුත් මේ විදිහට අපට කියා දීම ගැන මම හුඟක්ම පැහැදුණා.
මමත් ධර්මය ගැන විවිධ අයුරින් කරුණු කාරණා සොයමින් හිටිය කෙනෙක්. එදා සාකච්ඡාවෙදි ත්‍රිලක්ෂණය ගැන විග්‍රහ කෙරෙන ආකාරය අනුව මට තේරුණා, ඒ ධර්ම කරුණු විග්‍රහය ඉතාමත් නිවැරදියි සහ ගෝචරයි කියල. ඒ විතරක් නෙවෙයි, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන මම එතෙක් අහල තිබුණ අර්ථ ගැන්වීම්වලට වඩා මේ සාකච්ඡාවෙදි අහල දැනගත්ත කරුණුවලට මම ඉතාම සතුටින් එකඟ වුණා. ඒ වෙලාවෙ තමයි මම රාජ් මහත්තයගෙන් ඇහුවෙ ඔබතුමාගෙ ගුරුවරයා කවුද කියල. අන්න එහෙමයි මම වහරක ලොකු හාමුදුරුවො ගැන මුලින්ම දැන ගත්තෙ.
එයින් නොබෝ දවසකින්ම අපි ගියා වහරක ලොකු හාමුදුරුවො බැහැ දකින්න. එදා පටන් මම බුදු දහම ගැන වහරක ලොකු හාමුදුරුවො කරන නිවැරදි විග්‍රහාත්මක කරුණු මගේ දැනුමට ග්‍රහණය කර ගනිමින් ඉන්නවා. ඒක හරියටම කාන්තාරයක සාපිපාසාවෙන් ගමන් කරන කෙනෙකුට සීතල නිල් ජලාශයක්ම හම්බ වුණා වගෙයි. අන්න ඒ සතුට අද මම භුක්ති විඳිනවා.
වහරක ලොකු හාමුදුරුවන්ගෙ මේ විග්‍රහාත්මක ඉදිරිපත් කිරීම්වල තියෙන විශේෂත්වය තමයි, ඒවා නිකම්ම ප්‍රකාශ නොකිරීම. ඒ කරුණු ඉතාම බුද්ධි ගෝචර ආකාරයට පැහැදිලි කරල දෙනවා. ඉතිං ඉන් ඔබ්බට කෙනෙකුට ඉතිරි වෙලා තියෙන දේවල් වටහා ගැනීම ඉතාම පහසුයි.
ඇත්තටම අපිට දහම් කරුණු නිවැරදිව දැන කියා ගන්න අවශ්‍ය පතපොත පවා හිඟ තත්වයක් තමයි තිබුණෙ. ඒත් නැදිමාලේ බෞද්ධ මධ් ස්ථානයේ නියමු ස්වාමීන් වහන්සේ වන කිරම විමලජෝති නායක හාමදුරුවන්ටත්, ඒ කාර්ය මණ්ඩලයටත් පින් සිද්ධ වෙන්න තමයි අපිට දැන් තියෙන ධර්ම ග්‍රන්ථ ප්‍රමාණය පවා ලැබිල තියෙන්නෙ. ඒකට විශේෂ ස්තුතියක් කිරම විමලජෝති ලොකු හාමුදුරුවන්ට පිදිය යුතු වෙනවා.
ආයෙත් අපි මේ කතාබහට ආවොත්, මම ඔබට නිදර්ශනයක් හැටියට කියන්නම්, ත්‍රිලක්ෂණය ගැන වහරක ලොකු හාමුදුරුවන්ගෙ විග්‍රහය කොහොමද මේ තරම් බුද්ධි ගෝචර වෙන්නෙ කියල.
අනිච්ච, දුක්‍ඛ, අනත්‍ථ කියන මේ ත්‍රිලක්ෂණය ගැන පාලියෙන් නිවැරදිව සටහන් වෙලා තියෙනවා. සංයුක්ත නිකායේ 4 වැනි කොටසේ 2 වන පිටුවේ එන අජ්ඣත්තානිච්ච සූත්‍රයේ මේ ගැන පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. මේක ඇත්තටම කාගෙන්වත් ප්‍රමුඛත්වයක් ලැබුණෙ නැති සූත්‍රයක්. ඒත් බුදු දහමේ මූලික අරුත කැටිකර ගත්තු ත්‍රිලක්ෂණය ගැන මේ සූත්‍රයේ සටහන් වෙනවා.
චක්ඛුං භික්ඛවේ අනිච්චං, යද නිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා
මේකෙ නිවැරදි අර්ථය තමයි, ඇස අනිච්චයි, යමක් අනිච්ච නම් ඒක දුකයි, යමක් අනිච්ච නම් දුක නම් ඒක අසාරයි, අනත්තයි. ඔය අනත්ත කියන පදයේ අර්ථය අභිධර්මයේ විග්‍රහ වෙනවා. ඒ “අසාරකට්ඨේන අනත්තා” කියල. එතකොට අසාර කියන අර්ථයෙන් තමයි අනත්තා යෙදෙන්නෙ. නමුත් මේ කරුණු සිංහලට පරිවර්තනය කරන කොට ලොකු ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. මොකද මේ පරිවර්තන කරපු අපේ ගෞරවනීය භික්ෂූන් වහන්සේලා රහත් වුණ උදවිය නෙවෙයි. උන්වහන්සේලා මේ පරිවර්තන කරල තියෙන්නෙ භාෂා දැනුම මූලික කරගෙන. එතැනදි තමයි මේ ප්‍රශ්නය මතු වෙන්නෙ.
අනිච්ච නම් දුකයි, දුක නම් අනත්තයි කියන පද සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නෙ, අනිත් නම් දුකයි, දුක නම් අනාත්මයි කියල. මෙන්න මේ ගැටළුව තමයි අපට තිබුණෙ. ඒකෙන් කියවෙන්නෙ, යමක් අනිත් ද ඒක දුකයි කියල. අනිත් කියන්නෙ “වෙනස් වෙන සොබාවක් ඇති” කියන තේරුම. ඉතිං වෙනස් වෙන සොබාවය දුක නම්, වෙනස් වෙන හැම දෙයකින්ම හැම අවස්ථාවෙම දුක ඇති වෙන්න එපැයි! එතකොට වෙනස් වෙන කිසිම දෙයකින් සැපක් ලැබෙන්න විදිහක් නෑ.
ඒ ගැන නිදර්ශනයක් අරගෙන බොහොම සරලව කියනව නම්, මනුස්සයෙක්ගෙ ජීවිතයේ මුල් දශක තුන ඇතුලත ඒ පුද්ගලයා වෙනස් වෙන ආකාරය ගැන ඒ පුද්ගලයාට හෝ ඔහු වටා ඉන්න ඥාති හිතමිත්‍රාදීන්ට තියෙන්නෙ දුකක්ද? කුඩා දරුවෙක් වශයෙන් ඉපදිලා ඇති දැඩි වෙලා ළමා වයස පහු කරගෙන තරුණ වයසට පත්වෙලා පිරිපුන් පුද්ගලයෙක් විදිහට වසර තිහක් ඇතුලත සිදුවන වෙනස් වීම් ගැන තියෙන්නෙ දුකක්ද? ඇත්තටම එහෙම වෙනස් නොවුණ නම් නේද දුක? හැමදාම කුඩා දරුවෙක්ගෙ තත්ත්වයේ ප්‍රමාණයෙන්ම වැඩෙන්නෙ නැතිව හිටිය නම් ඒ ගැන ඇතිවෙන්නෙ දුකක් නේද? එහෙම බැලුවම අර වෙනස් වීම සැපක් නේද? සතුටක් නේද?
ඒත් ඊට පස්සෙ අවුරුදු තිහේ පුද්ගලයා අවුරුදු හතළිහ, පනහ, හැට, හැත්තෑව දිහාවට වෙනස් වේගෙන යනවා. ඒකත් වෙනස් වීමක් තමයි. හැබැයි මේ කාලයේ සිද්ධ වෙන වෙනස් වීම් ගැන මිනිස්සුන්ට තියෙන්නෙ සතුටක්ද? නෑ, දුකක්. ඇයි ඒ? මේ වෙනස් වීම මෙවර සිද්ධ වෙන්නෙ අපි කැමති විදිහට නෙවෙයි. මුල් කාලයේ මනුස්සයගෙ වෙනස් වීම සිද්ධ වෙන ආකාරයට අපි කැමතියි. ඒත් ඊළඟ කාල පරිච්ජේදයේදි සිදුවන වෙනස් වීමට අපි කැමති වෙන්නෙ නෑ. ඒ වෙනස් වීම් සිද්ධ වෙන්නෙ අපේ කැමැත්තට අනුව නොවන නිසයි අපි ඊට අකමැති වෙන්නෙ. එහෙනම් දුක එන්නෙ වෙනස් වීම නිසාද? නෑ. අපි කැමති විදිහට වෙනස් වීම සිද්ධ නොවෙන අවස්ථාවලදි විතරයි අපිට දුකක් ඇති වෙන්නෙ. ඒ නිසා අනිච්ච කියන පදයට අනිත් කියල අර්ථ ගැන්වීම සාවද්‍යයි. ඒකෙ නියම අර්ථය තමයි කැමැත්තට අනුව සිදු නොවීම. මේ අරුත් ගැන්වීම අපිට පෙන්වා දුන්නෙ වහරක ලොකු හාමුදුරුවන් නිසා අපි උන්වහන්සේ කෙරෙහි ඉතාම ඉහළින් පැහැදිලා ඉන්නෙ.
උන්වහන්සේගේ විග්‍රහයට අනුව ඉච්ඡ කියන්නෙ කැමැත්ත. අනිච්ච කියන්නෙ කැමැත්තට අනුව නොවීම හෝ නොතිබීම. ඉතිං මේ මූලික විග්‍රහයට අනුව බැලුවම, අනිච්ච කියන පදයට අනිත් කියල යෙදුවොත් අර මූලික අර්ථයම අවුල් වෙලා සියල්ල වෙනත් දිසාවකට යොමු වෙනවා. මම දකින විදිහට බුදු දහමේ සාරාර්ථය වරදවා ගැනීම නිසා තමයි අපිට ඉන් ඉදිරියට කිසිවක් නිවැරදිව වටහා ගන්න බැරි වෙන්නෙ.
බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ධර්මය දේශනා වුණාට, මෑත කාලීනව ලියැවුණ කිසිම අර්ථ කතාවක මේ කාරණය මේ විදිහට නිවැරදිව විග්‍රහ වෙලා නෑ. අන්න ඒ නිසා තමයි අපිට වහරක ලොකු හාමුදුරුවන් වහන්සේගෙ වටිනාකම ඉතා ඉහළින් දැනෙන්නෙ.
නහී සීල වතං හෝතු
උප්පජ්ජංති තථාගතා
අට්ඨක්කරා තීනි පදා
සම්බුද්ධේන පකාසිත
මේකෙන් කියන්නෙ, බුදුන් වහන්සේ නමක් ලෝකයට උපදින්නෙම මෙන්න මේ අකුරු අටයි, පද තුනයි ගැන ලෝක සත්වයාට තේරුම් කරල දෙන්න කියන කාරණය. ඒ පද තුන තමයි අනිච්ච, දුක්‍ඛ, අනත්‍ථ කියන ත්‍රිලක්ෂණය. මෙතැනදි අකුරු අට එන්නෙ බැඳි අකුරු විදිහට ගැනීමෙන්. ඉතිං මේ කාරණාව වටහා ගැනීම අවුල් වුණොත් එතැනින් එහාට මේ දහම ගැන අපිට කිසිම දෙයක් නිවැරදිව වටහා ගන්න ලැබෙන්නෙ නැති බව දැන් පැහැදිලි වෙනවා.
සංයුක්ත නිකාය (3) 295 පිටුවේ එන සීල සූත්‍රයේ කියල තියෙනවා, යමෙක් සෝවාන් ඵලයට පත් වෙන්න අවශ් මොනවද කියල. ඒ තමයි ත්‍රිලක්ෂණය වටහා ගැනීම. සකෘදාගාමි ඵලයට පත්වෙන්න අවශ් වෙන්නෙත් ඒකම තමයි. අනාගාමි වෙන්නත්, අරිහත් ඵලය ලබන්නත් අවශ් ඒ දෙයම තමයි. හැබැයි මේ ඵලවල තත්ත්වය අනුව ඒ වටහා ගැනීම පවතින්නෙ එක් එක් මට්ටම්වල. අපි අර මනුස්සයගෙ වෙනස් වීම ගැන කියපු නිදර්ශනයට වඩා ඉදරියට ගිය සියුම් වටහා ගැනීම් මේ තුළ තියෙනවා. ඒ වටහා ගැනීම් ග්‍රහණය වෙන්නෙ එක් එක් කාලවලදි. ඉතිං ඔන්න ඔය විදිහට තමයි, වහරක ලොකු හාමුදුරුවො ධර්මය විග්‍රහ කරන ආකාරය ගැන අපි පැහැදුණේ. බුදු දහම ගැන, ඒ දහමේ එන සියුම් කාරණා ගැන උන්වහන්සේ කරන තවත් වටිනා විග්‍රහාත්මක දේ ගැන අපි ඉදිරියටත් කතා කරමු.
නුගේගොඩ වින්ලංකා රෝහලේ සභාපති
වෛද්‍ය ආර්.පී. වීරසිංහ
MBBS/DFM/MCGP/MPFAM