මාර උගුල්වලින් මිදිල ලෝකෝත්තර මග වඩන්න උපකාරී වන ආරක්ෂා හතරෙන් තුන්වන ආරක්ෂාව වන අසුභානුස්සතිය තමයි මේ විග්‍රහ කරන්නෙ. මේක අද පිළිකුල් භාවනාව කියලත් හඳුන්වනවා. පිළිකුල ආර්ය ගුණයක්ද? ලෝක සත්වයා පිළිකුල් කරන දේවල් ආර්යන් විසින් පිළිකුල් නොකරන බවත් (උදා: මළ මුත්‍ර, කෙළ සොටු, ලෙඩ රෝග… ආදිය), ලෝකයා පිළිකුල් නොකරන දේවල් ආර්යන් විසින් පිළිකුල් කරන බවත් (උදා: පංච කාමය), ලෝකයා පිළිකුල් කරන නොකරන සියල්ල ආර්යන් විසින් පිළිකුල් කරන බවත් (සියල්ලම අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් සලකල), ලෝකයා පිළිකුල් කරන නොකරන සියල්ල ආර්යන් විසින් පිළිකුල් නොකරන බවත් (ධාතු වශයෙන් හෙවත් සතර මහා භූත වශයෙන් සිහි කරල, ඇලීමට හෝ ගැටීමට නොගිහින් සියලු තැන්හිදීම කම්පාවට පත් නොවී උපේක්ෂාවට පත්වීමෙන්) කියන මේ හතරම ආර්ය සෘද්ධි කියල ආර්යන්ට හිමිවන සෘද්ධි බලයක් බවත් බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා. සෘද්ධි කිව්වෙ වැඩෙනවා කියන එක. ඒ කියන්නෙ මේ කියන කාරණා හතරම ආර්යන්ට වැඩෙන ගුණයන් විදිහට තමයි දේශනා කරල තියෙන්නෙ. මෙතැනදි ලෝකයා කිව්වම ප්‍රධාන වශයෙන්ම පෘථජ්ජනයන් තමයි අදහස් කළේ.
ඉතින් කෙස්, ලොම්, නියපොතු, දත්, සම් ආදියත් කෙළ සොටු, මළ මුත්‍ර, පිත, සැරව, ලෙය ආදියත් පෘථජ්ජන ලෝකයා පිළිකුල් කරන දේවල්මයි. ආර්යන් මේ පිළිකුල් දේවල් කෙරෙහි අප්‍රිය කරන අය නෙවෙයි, ප්‍රිය අප්‍රිය නැතිව එබඳු තැන්වලදි උපේක්ෂාවට පත්වෙන අය. කෙනෙක්ගෙ ඇඟට මළ මුත්‍ර ටිකක්, කෙළ සොටු ටිකක් වැටුනොත් කරන පිළිකුල සිහි කරල බලන්න. ඒක දූෂ්‍ය හිතක් බව වැටහෙන්නෙ නැත්ද? දූෂ්‍ය හිත කියන්නෙ පව් හිතක්. පව් හිතකින් නිවන් ලබන්න පුළුවන්ද? කොහොමනම් නිවන් වැටහෙයිද? මහත් පිළිකුලක් දැනෙන විදිහට අරමුණුවලට උපමා කරමින් විමසන්න යන කොට, තපින්න ගිය ගින්නට පැනල පුළුස්සා ගත්ත වගේ වෙන්න පුළුවන්. ඒ නිසා නිසරු බව වටහා ගන්නවට වඩා එහාට ඒ පිලිබඳව නොයා යුතුයි. මධ් ස්ථභාවය නොඉක්මවිය යුතුයි. මේ අනුව මේ භාවනාව පිළිකුල් භාවනාව කියල නෙවෙයි, ද්වතිංසාකාර (32) භාවනාව විදිහට තමයි අර්ථ ගෙන විමසා බලන්න ඕන.
ලෝක සත්වයෝ “මම” කියන හැඟීමට ප්‍රිය කරනවා. “මගේ” කියන හැඟීමෙන් රැස්කරනවා, ප්‍රාර්ථනා කරනවා. අපට උවමනා කරන්නෙ මේ අහංකාර, මමිංකාර “මම, මගේ” කියන හැඟීම දුරු කරගන්න. ඒ සඳහා ශ්‍රේෂ්ඨ මාර්ගයක් උපක්‍රමීය විදිහට බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා. “මම හරි හැඩයි, රුවයි, ලස්සනයි, කඩවසම් දේහධාරී, නිරෝගියි, බලවතෙක්, කුලවතෙක්, නැණවතෙක්, ජාතියෙන් ගෝත්‍රයෙන් අග්‍රයි…” මේ ආදී වශයෙන් අදහස් ඇතිවෙන්නෙ අර කියපු “මම” ගැන ඇති මුලාව නිසා, ඒකීය වූ “මම” කියන කෙනෙක් විදිහට ගත්ත මුලාව නිසා. ඒ නිසා එකාකාරව පෙනුනත් ඒ විදිහෙ නොවන බවත්, නොයෙක් ආකාර කොටස්වල ඒකරාශී වීමෙන් ඒ විදිහට පෙනෙන මායා රටාවක් බවත් හඳුනා ගත්තම, ඒ අනුසාරයෙන් තමන් පිලිබඳව අභ්‍යන්තර වූත්, බාහිර වූත් සියල්ල එකාකාරව පෙනෙන මායා රටාවන් බවත්, විවිධාකාර කොටස් එකතු වෙලා නිපදවෙලා තියෙන රටාවන් බවත් වටහා ගන්නවා. එතකොට “මම, මගේ” කියන දෘෂ්ඨිය දුරුවෙලා නිවන් මගට අනුගත වෙනවා. එකාකාරව පෙනෙන මේ ශරීරය තිස් දෙආකාරයකට බෙදල වෙන් කරල බලන්න පුරුදු වුනොත් එකාකාරව පෙනෙන මායාව මනාව පේන්න පටන් ගන්නවා.
බුදුන් වහන්සේ දේශනා කළේ, මල්ලක් ලිහා බලල ඒ තුල වෙන වෙනම තියෙන මේ හැල්වීය, මේ මාවීය, මේ තලය, මේ මුංය, මේ මෑය, මේ සහල්ය… ආදී වශයෙන් වෙන වෙනම හඳුනා ගන්නව වගේ, මේ ශරීරයේ කොටස් ගැන මල්ල ලිහා බලනව වගේ මෙනෙහි කරන්න කියල. ඒ වගේම කෙස් ගලවල තමන් ඉදිරියෙන් තැබූ ලෙසත්, ලොම්, නිය, දත්, සම්, ඇට, මස්, නහර, ඇටමිදුළු, වකුගඩු… ආදී වශයෙන් කොටස් ඉදිරියේ වෙන වෙනම තිව්වම කරජ කාය නොපෙනී කොටස් විතරක් දකින හැටිත්, ඒ කොටස් නැවත තිබුණ තැන්වලම තැබීමෙන් කරජ කාය නිපදවෙලා පෙනෙන හැටිත් හිතින් මෙනෙහි කිරීමෙන් එකාකාරීව පෙනීම මායාවක් බව වටහා ගන්න පුළුවන්. ඒ වගේම මේ කිසිම කොටසක් තමන් කැමති විදිහට තමන් වසඟයේ පවත්වන්න බැරි බවත්, තමන්ගෙ කැමැත්තට පටහැනිවම විපරිණාමයට භාජනය වෙන බවත්, හරයක් ලබා දෙන්නෙ නැති බවත් වටහා ගන්න ඕන. මේ කිසිම කොටසක් සත්වයෙක් නොවන හැටිත් ඒවාත් ඝණ, ද්‍රව, වායු, උෂ්ණ කියන මේවායේ එකතු වීමෙන් විද් මාන වෙන රූපස්කන්ධයන් බවත් මනා සේ වටහා ගත්තම, ලෝකයේ කිසි තැනක එකාකාරයන්ට රැවටෙන්නෙ නැති සත්ව, පුද්ගල, ද්‍රව් , වස්තු ලෝක මායාව දකින නුවණ පහළ වෙනවා. මේ නුවණ ලබන්න නම්, අප්‍රිය කරගෙන හිත දූෂ් කරගෙන බෑ. උපේක්ෂා විහරණයෙන් බලන්න ඕන.
අප්‍රසන්න විදිහට දැනෙන බව, පිළිකුල් විදිහට වැටහෙන බව නොවෙන්න නම් ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන ධාතු සංඥාවෙන් බලන්න ඕන. ඒ වගේම මේ කියන කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ… ආදී පදවලින් මතුවන දහම් අරුත් සහිත පද නිරුක්තියක් තියෙනවා. පදයේ ගැබ් වෙච්ච ඒ අර්ථයන් හොයාගත්තම, ඒවායින් අදහස් කරන්නෙ භෞතිකව පෙනෙන කොටස් නෙවෙයි, හිතේ කෙලෙස් බව දැනගෙන ඒවා අසුභ විදිහට සලකල ඉවත් කරන ක්‍රමයක් බව වැටහෙනවා. උදාහරණ විදිහට “කේ” කියන පහත් දේවල් හෙවත් කුණුවලට ආසා කළාම කේ + ආසා – කේසා වෙනවා. ලෝකය අමෘතයක් වගේ ගත්තම ලෝ + අමා – ලෝමා වෙනවා. එහෙනම් නිවන් දකින්න මේ කියන කෙස්, ලොම් … ඉවත් කරල පුළුවන්ද? ඒවා ඇති කරන හේතුවයි නැති කරන්න ඕන. ඒවා තමයි හිතේ තියෙන කෙලෙස්.
මේ විදිහට ද්වතිංසාකාර භාවනාව වැඩීම නිසා සාසන මාර්ගය වැඩෙනවා. මායා රූපස්කන්ධයන්ගේ ඇසුර දුකක් බව, නිෂ්ඵල බව, නිස්සාර බව වැටහෙනකොට අනුලෝම ඥානය පහල වෙනවා. එබඳු රූපස්කන්ධයන් කෙරෙහි තියෙන තණ්හාවේ නිරවශේෂ නිරෝධය නිදහස් විදිහට දකින කොට සම් ක්ත්ව නියාමය හෙවත් මාර්ගඵල ලාභීත්වයට හේතු වෙනවා. මේ විදිහට අප්‍රිය, පිළිකුල් අදහසින් හිත පාරවගෙන දූෂ් කරගන්නෙ නැතිව උපේක්ෂාවෙන් දහම් අරුත් වටහාගෙන බලන්න පුරුදු වුණාම නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ සඳහා මේ ලෝකයේ තියෙන හැම දෙයකටම උරුම අනිච්ච, දුක්ඛ, අනත්ත ස්වභාවය විග්‍රහ කරගෙන වටහා ගන්න ඕන. රාග ගතිවලින් වෙන් වෙලා නිවන් දකින්න මාර්ගය මේ කියන අසුභ භාවනාවෙන් පෑදෙනවා.
පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ විසින් යළි මතු කළ සැඟවුනු දහම් කරුණු ඇසුරෙන් සකස් කළේ:
නීතිඥ චන්දන සිරිවර්ධන